රනිල් ඒකීය කියන ෆෙඩරල් ව්‍යවස්ථාව හදන්න මහින්දත් එන්න ඕන-සුමන්දිරන්

January 29, 2019 at 3:26 am | by admin

පළාත් සභාවට ලබාදෙන බලතල නැවැත පවරා ගත නොහැකි විය යුතුයි. පළාත් සභාවලට ලබාදී ඇති යම් බලතලයක් වෙනුවෙන් මධ්‍යම ආණ්ඩුවට නීති පැනවිය නොහැකි විය යුතුයි. අපගේ ස්ථාවරයේ මෙම කරුණු දෙකම සඳහන් වෙනවා. ඒ නිසයි එහි ෆෙඩරල් ලක්ෂණ තිබෙන බව අප කියන්නේ යැයි දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසා තිබේ.

යාපනේදී උත්සවයකට සහභාගී වෙමින් ඔහු වැඩි දුරටත් මෙසේ පැවසුවේය.

“රනිල් වික්‍රමසිංහ මහතා මෙම ව්‍යවස්ථාවේ ඒකීය බව පාර්ලිමේන්තුවේ සඳහන් කර තිබෙනවා. නමුත් එය ඇතැම් සිංහල මාධ්‍ය ඕනෑකමින්ම වැරැදි ලෙස වාර්තා කොට තිබෙනවා. එවැනි ගති තිබෙන්නේ රාජපක්ෂ කණ්ඩායමටයි. ඔවුන්ට යම් බියක් තිබෙනවා මෙම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගෙන එනු ඇති බවට.”

“පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ වාර්තාවේ මධ්‍යම ආණ්ඩුවට, පළාත් සභාවට හා පොදු යන විෂයයන්වල බලතල සීමා මොනවාද කියා දක්වා නැහැ. එම සීමා වශයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ ඉදිරිපත් කෙරුණු සර්ව පාක්ෂික සමුළුවේ යෝජනා මුළුමනින්ම පිළිගන්න අප සූදානම්. ඒ නිසා අපි මහින්ද රාජපක්ෂ මහතාට ගෞරවයෙන් ආරාධනා කරනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කරන්න සහභාගි වෙන්න කියලා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස