සුමන්දිරන්, ශිවාජිලිංගම් උපන්බිමට ද්‍රෝහි වෙද්දී චීන රුසියානු මිතුරෝ ලංකාව රැකගනිති!

April 2, 2019 at 11:11 am | by admin

ශ්‍රී ලංකා හමුදාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑම සඳහා ද්‍රවිඩ සන්ධාන මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් දියත් කළ මෙහෙයුම චීනය හා රුසියාව විසින් ව්‍යර්ථ කර ඇත.

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී සුමන්තිරන් ගෝලීය ද්‍රවිඩ සංසදයේ නායක එමානුවෙල් එහි ප‍්‍රකාශක සුරේන් සුරෙන්ද්‍රන්, එම්. කේ. සිවාජිලිංගම් ඇතුළු කොටි ඩයස්පෝරා ක්‍රියාකාරීන් කැනඩාවේ සහායෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර අධිකරණය වෙත ගෙන යෑම සඳහා මෙහිදී සාකච්ඡා කර ඇත.

එහෙත් කැනඩාව විසින් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයට යොමු කිරීමට නියමිතව තිබූ යෝජනාවකට නිෂේධ බලය යොදා එය ප‍්‍රතික්‍ෂේප කිරීමට රුසියාව හා චීනය තීරණය කර තිබේ.

කැනඩානු කොටි ඩයස්පෝරාවේ ක්‍රියාකාරිකයකු මෙන්ම එරට මන්ත්‍රීවරයකු වූ ගැරි ආනන්ද සංගරි මෙම මෙහෙයුම පසුබිමේ සිටින බව හෙළි වී ඇත. ඔහුගේ පියා ප්‍රභාකරන්ගේ ප්‍රහාරයකින් ඝාතන ලැයිස්තුවේ සිටි ශ්‍රී ලංකා හමුදාව විසින් ජීවිතය බේරා දුන් ආනන්ද සංගරීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස