මුස්ලිම් මන්ත්‍රීවරුන් ඇමති ධුර අත්හැරීම අවාසනාවක්! – විපක්ෂයේ සුමන්දිරන්…

June 4, 2019 at 10:47 am | by admin

ආණ්ඩුව නියෝජනය කරමින් අමාත්‍ය ධුර දැරූ මුස්ලිම් අමාත්‍යවරුන් සිය ධුරවලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අවාසනාවක් බව ද්‍රවිඩ ජාතික සන්ධානය සඳහන් කරයි.

එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් මහතා පවසන්නේ ඊයේ තමන් (දමිළ ජනතාව), අද මුස්ලිම් ජනතාවත් හෙට වෙනත් පාර්ශ්වයක් මෙම අන්තවාදීන්ගේ පීඩනයට ගොදුරු වනු ඇති බවයි.

ද්‍රවිඩ ජාතික සන්ධානය මුස්ලිම් ජනතාව සමග සිටින බවත් නිවැරදි දැක්මක් සහිත ශ්‍රී ලාංකිකයන්ටත් එසේ කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *