වසර දහයට පසු හෝ මේ රටේ අගමැති යුද අපරාධ වූ බව නිල වශයෙන් ගැනීම අගය කරනවා! – සුමන්දිරන්

February 17, 2019 at 5:42 pm | by admin

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වූ බවත් විශේෂයෙන් යුද අවසාන කාලයේ මේවා සිදු වූ බවත් යුද සමයක ඒවා සිදුවීම අප හැමෝම දන්නා සත්‍යයක් බවත් දෙමළ සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පවසයි. එය තමන්ට ප්‍රතික්ෂේප කිරීමට හෝ වැසීමට හෝ අමතක කිරීමට නොහැකි බවද හෙතෙම අවධාරණය කරයි.

යාපනේ පැවති දෙමළ සන්ධාන තරුණ හමුවක් අමතමින් හෙතෙම වැඩි දුරටත් මෙසේ පැවසීය.

“අපේ යුද විරුවන් යුද අපරාධ කළේ නැහැ කියලා තමයි අවුරුදු දහයක් තිස්සේ ලංකාවේ ආණ්ඩුව ප්‍රකාශ කළේ. නමුත් පසුගියදා මහින්ද රාජපක්ෂට වැරදිලා හරි යුද අපරාධ වුණා කියලා කියවුණා. නමුත් ඊයේ රටේ අගමැතිවරයා නිල වශයෙන් ප්‍රකාශ කළා දෙපාර්ශවයම වැරදි කරලා තියෙනවා කියලා. ඒක අපි අගය කරන්න ඕන. නමුත් මේක කියන්න අවුරුදු දහයක්ම ගිහින් තියෙනවා.”

කෙසේ වුවද පසුගිය දා අගමැතිවරයා උතුරේ දී ප්‍රකාශ කළේ හැමදාම මෙම සිදුවීම් පදනම් කරගෙන එකිනෙකාට චෝදනා කරමින් නඩු පවරමින් සිටිය නොහැකි බවත් එකිනෙකා වරද පිළිගෙන සමාව ගෙන රටක් ලෙස ඉදිරියට යා යුතු බවත්ය. අගමැතිවරයාගේ මෙම යෝජනාව සුමන්දිරන්ගේ සිය කතාවෙන් ප්‍රතික්ෂේප කළේ යැයි සැලකිය හැකිය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *