සුමන්දිරන් නිල වශයෙන්ම දෙමළ සන්ධාන නායකත්වයට!

February 10, 2019 at 10:08 am | by admin

දෙමළ ජාතික සන්ධානයේ නව නායකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් පත් කර ගැනීමේ සූදානමක් තිබේ. ඒ අනුව වත්මන් නායක ආර්. සම්බන්ධන් මහතාට එම සන්ධානයේ අනුශාසක පදවිය හිමි වනු ඇත. මෙම යෝජනාව පක්ෂයේ ඊ ළඟ කාරක සභාවට ඉදිරිපත් කෙරෙනු ඇත.

පසුගිය කාලය පුරා සම්බන්ධන් මහතා දෙමළ සන්ධානයේ නිල නායකත්වය දැරුව ද එය මෙහෙය වූයේ සුමන්දිරන් විසිනි. ඇතැම් කණ්ඩායම්වලට බොහෝ කාලයක සිට සුමන්දිරන් පක්ෂ නායකත්වයට පත් කර ගැනීමේ උවමනාව තිබිණි. සුමන්දිරන් ක්‍රිස්තියානි ආගමිකයකු වන අතර සම්බන්ධන් හින්දු ආගමිකයෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *