විදේශ අධිකරණ පිහිටුවන්න ජනාධිපතිවරයා 2015 සිටම එකඟ වූ බව මම හොඳටම දන්නවා! – සුමන්දිරන් (video)

March 28, 2019 at 10:35 am | by admin

යුද සමයේ සිදුවූ යුද අපරාධ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට ජාත්‍යන්තර විනිසුරුවරුන් සහභාගී කරවා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන 2015 සිටම එකඟ වූ බව දෙමළ ජාතික සන්ධානයේ එම්.ඒ. සුමන්දිරින් පවසයි. ඇමරිකාව මැදිහත් වී 2015 ගෙන ආ 30/01 යෝජනාවට මෙන්ම 2017 සහ මේ වසරේ ගෙන ආ 40/01 යෝජනාවෙන්ද එකඟ වී ඇතැයි හෙතෙම පවසයි.

පසුගිය සමයේ පාර්ලිමේන්තුව සහ ජනපති අතර ගැටුම අවස්ථාවේ ලංකා අධිකරණය ස්වාධීන ලෙස වැඩ කළ නමුත් රජය සහ රට කඩන්න වැඩ කළ පිරිසක් අතර ගැටුමේදී ස්වාධීනව කටයුතු කරනු ඇතැයි විශ්වාස කළ නොහැකි බව හෙතෙම පවසයි.

කෙසේ වුවද මෙවර ජිනීවාහිදී විදේශ අමාත්‍ය තිලක් මාරපන විදෙස් විනිසුරුවරු සහිත විශේෂ අධිකරණ පිහිටුවීමට රටේ ව්‍යවස්ථාව අනුව ඉඩක් නැතැයි පවසමින් දෙමුහුන් අධිකරණ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. ජනාධිපතිවරයා පවසන්නේ මෙම නව යෝජනාවට එකඟ වීම තමාගේ අනුදැනුමිකින් තොරව සිදු වූ බවය.

මීට පෙර අගමැති රනිල් වික්‍රමසිංහ උතුරේ දී පවසා තිබුණේ දැන් ගැටුමට සම්බන්ධ වූ දෙපාර්ශවයටම සමාව දී අනාගතයට යා යුතු බවය. එහෙත් සුමන්දිරන් දිගින් දිගටම එය ප්‍රතික්ෂේප කරන අතර එසේ නොකරන්නේ නම් එට ජාත්‍යන්තර අධිකරණය හමුවට ගෙන යන බවට අනතුරු අඟවයි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස