පහුගිය කාලේ ජවිපෙයි අපියි එක මතයක ඉඳලා වැඩකළා! ජනාධිපතිවරණය ගැනත් ජවිපෙ එක්ක කතා කරනවා! – සුමන්දිරන්

September 8, 2019 at 11:22 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ සමග සාකච්ඡා කිරීමට සිය පක්ෂය තීරණය කළ බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්දිරන් පවසයි.

පසුගිය දින 51ක ආණ්ඩු සමයේ ජනතා විමුක්ති පෙරමුණ සහ දෙමළ ජාතික සන්ධානය එකම මතයක සිට වැඩ කළ බවත් එය බොහෝ දෙනාගේ පැසසුමට ලක් වූ බවත් සඳහන් කළ සුමන්දිරන් දෙමළ ජාතික සන්ධාන ජනාධිපතිවරණය අවස්ථාවේ වඩාත් හොඳ විකල්පයක් තෝරාගත යුතු බවත් පැවසීය.

කෙසේ වුවද දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයේ දී අනුගමනය කරන ක්‍රියාමාර්ග පිළිබඳ මෙතෙක් අවසාන නිගමනයකට පැමිණ නැති බව ද හෙතෙම සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස