දුප්පත් මිනිස්සුන්ට රැකියා දීලා සමෘද්ධිය කපන එක වැරදියි! රැකියා ඉල්ලුම්පත්‍ර දේශපාලකයන්ට නොදී ග්‍රාමසේවකට බෙදන්න දුන් එකත් වැරදියි! – රංගෙ

February 10, 2020 at 7:55 pm | by emanisa.lk

සාමාන්‍ය පෙළ විභාගය අසමත් තරුණ තරුණියන් සඳහා රැකියා ලක්ෂයක් ලබා දීමේ වැඩසටහන ප්‍රෝඩාවක් බව එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගෙබණ්ඩාර පවසයි.

අද (10) සිරිකොත පක්ෂ මූලස්ථානයේ මාධ්‍ය හමුවකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

මෙය සමෘද්ධිලාභීන් පිරිසකගේ සමෘද්ධි සහනාධාරය කපා දැමීමේ සැලසුමක කොටසක් බව හෙතෙම පෙන්වා දෙයි.

රජයේ රැකියාවක් ලබා දී ඒ පවුල්වල සමෘද්ධිය කපා දැමීම ආණ්ඩුවේ උවමනාව බවත් එම රැකියා ද අදියර දෙකක් යටතේ ලබා දීමට කටයුතු කරන බවත් හෙතෙම පවසයි.

එසේම මෙම රැකියා සඳහා වන ඉල්ලුම් පත්‍ර ලබා දෙන නිලධාරියා බවට ග්‍රාම නිලධාරියා පත්කිරීම නිසා එම නිලධාරීන් තරුණනයන්ට විවිධ බලපෑම් කරන බවත් සඳහන් කළේය.

මෙම තරුණ ළමයින්ට මාස 6ක් හමුදා පුහුණුව ලබා දෙන බවත් අනතුරුව දුම්රිය මාර්ග දෙපස තණකොළ කැපීමට සහ මාර්ග දෙපස ගස්වල අතු කැපීමට යොදවන බවත් ඔහු අනාවරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස