ආණ්ඩුව අලුතින් විදුලි ඒකකයක්වත් හදලා නෑ! දැන් කරන්ට් කපන්නේ නැත්තේ අවුරුද්දට කර්මාන්තශාලා වහපු නිසයි! – ආචාර්ය ක‍්‍රිෂාන්ත විසෙන්තිගේ (video)

April 12, 2019 at 7:10 am | by admin

අඩු මිලට අඛණ්ඩ විදුලි උත්පාදනයක් ලබා දිය නොහැකි රටකට විදෙස් ආයෝජකයන් නොපැමිණෙන බවත් අද රට මුහුණ දෙන විදුලි අර්බුදයට අනාගතයට ද බලපාන බවත් ආචාර්ය ක‍්‍රිෂාන්ත විසෙන්තිගේ පවසයි. වියත්මග මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් දැක්වීය.

මේ වන විට විදුලි කප්පාදුවක් සිදුවෙනවා. රටට අවශ්‍ය විදුලි ඉල්ලූමට නිෂ්පාදනය නොකිරීම මීට ප‍්‍රධාන හේතුවක්. විදුලි කප්පාදුව හේතුවෙන් රටේ සමස්ත ආර්ථිකයට විශාල බලපෑමක් එල්ල වී තිබෙනවා. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව රටේ ව්‍යාපාර මිලියනයක් තිබෙනවා. ශුද්ධ ව්‍යාපාර ලක්ෂ නවයක් පමණ තිබෙනවා. ඉතිරි එ්වා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. විදුලි කප්පාදුව නිසා එම ව්‍යාපාරවලට මෙන්ම ස්වයං රැකියාවන්හි නිරත කේෂ්ත‍්‍රය මුළුමණින්ම කඩාවැටිලා.

අලූත් අවුරුදු සමය නිසා ඔවුන් තවදුරටත් අසරණ තත්ත්වයකට පත්වෙලා. විදුලි උත්පාදනය කරගන්නා ලෙස කර්මාන්ත ශාලා හිමියන්ට රජය කියනවා. ජෙනරේටර්වලින් විදුලිය එ්කකයක් උත්පාදනය කිරීමේදී රුපියල් 35 කට වැඩි වියදමක් වැය කරන්න වෙනවා. එවැනි තත්ත්වයක් තුළ කර්මාන්ත පවත්වාගෙන යන්න පුළුවන්ද?

අපනයන කේෂ්ත‍්‍රය දියුණු කරන්න කතා කරනවා. නමුත් විදුලි කප්පාදුවත් සමග අපනයන කේෂ්ත‍්‍රයත් කඩාවැටිලා. විදුලි කප්පාදු කරන රටකට ආයෝජකයන් එන්නේ නැහැ. රජයේ අකාර්යක්ෂමතාව නිසා තමයි විදුලි කප්පාදුව සිදුවෙන්නේ. නිසි පහසුකම් දෙන්න බැරි නම් ආයෝජකයන් එන්නේ නැහැ. බලශක්තිය අඩු මුදලකට ආයෝජකයන්ට දෙන්න බැරි නම් ඔවුන් වෙනත් රටවල ආයෝජනය කරනවා.

අනාගතයටත් මේ විදුලි කප්පාදුව බලපානවා. ඇමැතිවරයා කියනවා 10 වැනිදායින් පසුව විදුලි කප්පාදුව සිදුවෙන්නේ නැහැ කියලා. එ්කට හේතුව විදුලිය නිෂ්පාදනය වැඩි වුණ නිසාද? නැහැ. අලුත් අවුරුදු සමයට රටේ බහුතර කර්මාන්ත ශාලා වසා දානවා. එ් නිසා විදුලි ඉල්ලුම අඩුවෙනවා. විදුලිය රැගත් නැවකුත් දැන් ඇවිත් තිබෙනවා. රටේ අවශ්‍ය වන ඉල්ලුම සැපයුම ලබාදීමට රජයට නොහැකි වී තිබෙනවා. එ්කට අවශ්‍ය කරන ක‍්‍රියාමාර්ග ගන්න රජය අපොහොසත් වී තිබෙනවා.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස