මම මේ මේ රට සුරපුරක් කළා! පැල්පත් තට්ටු දෙකේ තුනේ මන්දිර කළා! අධිවේගී මාර්ග හදලා ලක්ෂ ගණන් රැකියා දුන්නා! – චන්ද්‍රිකා

December 22, 2019 at 11:30 pm | by emanisa.lk

වසර 11 ක් වූ තම පාලන කාලයේදී ශ්‍රී ලංකාව විශාල වශයෙන් සංවර්ධනය සිදු වූ බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග සඳහන් කරයි.

තමන් බලයට පැමිණීමට පෙර මෙරට තිබුනේ කටුමැටි නිවාස බවත් තම පාලන කාලයේදී ඒවා තට්ටු දෙකේ තුනේ නිවාස බවට පත් වූ බවත් ඇය සඳහන් කළාය.

එමෙන්ම තමා පාලන කාලයේ දී අධිවේගී මාර්ගයක් ද ඉදිකළ බවත් ඊට පසු පැමිණි පාලනය එහි සුළු කොටසක් පමණක් නිම කළ බවත් ලක්‍ෂ ගණනක් රජයේ රැකියා තම යුගයේදී ලබා දුන් බවත් ඇය සිහිපත් කළාය.

හිටපු ජනාධිපතිනිය මෙම අදහස් පළ කරන ලද්දේ අත්තනගල්ල ප්‍රදේශයේ දී පැවැති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස