සමෘද්ධි වැඩසටහනට යන්නේ කෝටි 6700යි! විදුලිබල මණ්ඩලේ පාඩුව කෝටි 10 000යි! – ඇමති රවී

June 25, 2019 at 8:05 am | by emanisa.lk

ලංකා විදුලි බල මණ්ඩලය රුපියල් කෝටි 10000ක පමණ පාඩුවක සිටින බව ඇමති රවී කරුණායක පවසයි.

අධික මිලට විදුලිය ජනනය කිරීම මෙයට හේතුවක් වී ඇති බව කොළඹදී පැවැති උත්සවයක් අමතමින් ඔහු සඳහන් කළේය.

“රටේ යටිතල පහසුකම් සපයන ප්‍රධාන ආයතනයක් වන ලංකා විදුලිබල මණ්ඩලය අද සිටින්නේ කෝටි 10,000 ක් පමණ පාඩු ලබන තත්ත්වයක. මෙම තත්ත්වය වෙනස් කරලා, මෙම කෝටි 10,000 රටේ සංවර්ධනයට, ස්වයං රැකියා ප්‍රවර්ධනයට යොදවන්න පුළුවන්නම්, මොනතරම් වෙනසක් සිදුවේවිද?

නමුත් රටේ දේශපාලඥයින් මීට පෙර ගත්ත තීන්දු තීරණ නිසි පරිදි ක්‍රියාත්මක නොකිරීමේ ප්‍රතිවිපාක තමයි අද අපට විඳින්න සිදුවෙලා තිබෙන්නේ. රු. 15.00 ට රු.16.00 ට නිපදවන්න පුළුවන් විදුලි ඒකකයක් නිපදවන්න රු. 40.00 රු. 50.00 ක් වියදම් කරන්නේ මොන අපරාදයක්ද?

අද සමෘද්ධි ලාභීන් ලක්ෂ 21 කට වෙන්කරලා තිබෙන්නේ රු.කෝටි 6700ක් පමණයි. නමුත් විදුලිබල අමාත්‍යාංශය රු. කෝටි 10,000 ක් නැති කරනවා. මේ වගේ අධික මිලට විදුලිය ජනනය කරන අතර කොහොමද ඉතින් රටක් සංවර්ධනය කරන්නේ? “

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස