සියල්ලන් මවිත කරමින් උද්ඝෝෂණ ස්ථානයට ජනපති පැමිණෙයි! එසැනින් ගැටලු විසඳා ජයඝෝෂා මැද නික්ම යයි! (video)

February 8, 2020 at 9:07 am | by emanisa.lk

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඊයේ (07) ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ ස්ථානය වෙත පැමිණ එහි උද්ඝෝෂණයක නිරත වෙමින් සිටි විරෝධතාකරුවන් පිරිසක් හමුවිය.

ඒ අවස්ථාවේ එහි විරෝධතාවක නිරත වූයේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනියුක්ත ඩෙංගු මර්දන ඒකකයේ සේවය කළ සේවකයින් පිරිසකි.

එම අවස්ථාවේදී ඒ ස්ථානයට පැමිණි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එම විරෝධතාකරුවන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳ විමසා බැලුවේය.

ඉදිරියේදී රැකියා ලක්ෂයක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පිරිසටද රැකියා ලබාදීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා එම ස්ථානයේ රැඳී සිටිය විරෝධතාකරුවන්ට සඳහන් කර සිටියේය.

අනතුරුව විරෝධතාකරුවන් ප්‍රීතිඝෝෂා නඟමින් විසිර යන ආකාරය දැකගත හැකි වූ අතර ජනාධිපතිවරයා සිය නිල රථයේ නැඟී එම ස්ථානයෙන් රාජකාරී කටයුතු සඳහා නික්ම ගියේය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස