රාජ්‍ය ආයතනවලට විදුලිය ඉතිරි කරන නිලධාරීන්! රැකියා දශ ලක්ෂයේ ඉලක්කය අත ළඟ!

April 1, 2019 at 4:02 pm | by admin

රාජ්‍ය ආයතනවල විදුලි බලය අරපරිස්සමින් පාවිච්චි කිරීම සඳහා බලශක්ති කළමනාකරුවකු බැගින් පත් කිරීමට අගමැති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබේ.

රාජ්‍ය ආයතනවල විදුලිය අපතේ යාම වැළැක්වීමට සහ තව දුරටත් සකසුරුවම් ලෙස භාවිත කරමින් විදුලිය ඉතිරි කිරීම මෙම නිලධාරීන්ගේ කාර්යභාරයයි.

රට පුරා රාජ්‍ය ආයතන දහස් ගණනක් ඇති අතර ඒ සඳහා විදුලිය කළමනාකරුවකු බැගින් පත් කළහොත් ආණ්ඩුවේ රැකියා දශ ලක්ෂය වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට මෙම වැඩපිළිවෙළ විශාල රුකුළක් වනු ඇත.

විදුලි අර්බුදයට පිළියමක් ලෙස අගමැතිවරයා අරලියගහ මන්දිරයට ජෙනරේටරයක් මගින් විදුලිය ලබා ගැනීමට මීට පෙර කටයුතු කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස