ප්‍රහාරයෙන් සංචාරක කර්මාන්තය බිඳ වැටෙන ලකුණු! රුපියල් කෝටි 45 000ක පාඩුවක්!

April 28, 2019 at 9:01 am | by admin

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය නිසා සංචාරක කර්මාන්තය බිඳ වැටීමෙන් 2019 වසරේ රටට ඩොලර් කෝටි 250ක එනම් රුපියල් කෝටි 45 000 ඉක්ම වූ පාඩුවක් සිදු වනු ඇතැයි අනුමාන කෙරේ.

2018 වසරේ රටට සංචාරකයන් ලක්ෂ 24ක් පැමිණි අතර ඩොලර් කෝටි 450 ආදායමක් හිමි විය. එහෙත් ප්‍රහාරය සමග බොහෝ සංචාරකයන් සිය ඇණවුම් අවලංගු කරමින් සිටින අතර මේ වන විට ඇතැම් හොටෙල්වල 50-60%ක් ද තවත් හොටෙල්වල 90%ක් ද බව වාර්තා වෙයි.

මේ නිසා සංචාරක කර්මාන්තය මත යැපෙන හොටෙල් ඇතුළු සිය ගණනක් ව්‍යාපාර සහ ඒ කර්මාන්ත ආශ්‍රිතව රැකියාවල නිරත වන දහස් ගණනක් ජනතාවගේ රැකියා අවධානමට ලක්ව තිබේ. 2019 වසරේ ලක්ෂ 26ක සංචාරක පිරිසක් සහ ඩොලර් කෝටි 550ක ආදායමක් අපේක්ෂා කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස