ඉතිහාසය අලුතින් ලියැවෙයි! ගෝඨාට රට භාරදෙන්න විදෙස්ගත ලාංකිකයන් දෙලක්ෂයක් මව්බිමට!

November 3, 2019 at 11:23 am | by emanisa.lk

ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා විදේශගත ශ්‍රී ලාංකිකයන් එක්ලක්ෂ අසූ දහසක් දිවයිනට පැමිණීමට එකඟත්වය පළකර ඇති බව මහාචාර්ය චන්න ජයසුමන පවසයි.

විදේශගත ශ්‍රී ලාංකිකයන් දිවයිනට ගෙන්වා ගැනීමේ සම්බන්ධීකරණ කටයුතු කරන මහාචාර්ය චන්න ජයසුමන පැවසුවේ ජනාධිපතිවරණයට පෙර ලක්ෂ දෙකක ලාංකිකයන් ගෙන්වා ගැනීම අපේක්ෂාව බවයි.

වැඩිම පිරිසක් මැදපෙරදිගින් පැමිණෙන අතර, ඉතාලිය හා ප්‍රංශය, ඔස්ට්‍රේලියාව, එංගලන්තය, බ්‍රිතාන්‍යය ආදී රටවල රැකියාවල නියුතු හා පදිංචි ලාංකිකයන් මෙසේ පැමිණීමට එකඟත්වය පළකර ඇත.

මැදපෙරදිගින් හා ඉතාලියෙන් වෙනම ගුවන් යානා වෙන් කරගෙන ශ්‍රී ලාංකිකයන් පැමිණීමට නියමිත බවද ඔහු වැඩි දුරටත් සඳහන් කළේය.

ඉතිහාසයේ කිසිදු මැතිවරණයක දී මේ ආකාරයට විදෙස්ගත ශ්‍රමිකයන් ලංකාවට පැමිණ නොමැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස