රාජපක්ෂලාට අවුරුදු 10ක් පාරක් පළල් කරගන්න බැරිවුණා! අපි ව්‍යාපෘති 25 000ක් ආරම්භ කළා! – ඇමති මංගල

August 11, 2019 at 8:31 pm | by emanisa.lk

ඊළඟ වසර කිහිපය තුළ රට සංවර්ධනය කරන හෙයින් මේ තීරණාත්මක මොහොතේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමට පක්ෂ පාට භේද අමතක කර තමන් සමග එකතු වන ලෙස ඇමති මංගල සමරවීර පවසයි.

මාතර පැවති උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

“මට සන්තෝෂයි කියන්න මේ කෙටි කාලය තුළ රැකි රක්ෂා පන්දහසකට අධික සංඛ්‍යාවක් මාතරට ලබාදිලා තියෙනවා. ඒ වගේම මාතර තවත් අමාත්‍යවරු දෙදෙනෙක් සිටිනවා. ඔවුන්ගේ සහයෝගය ඇතිව රැකි රක්ෂා ලබාදිලා මෙතෙක් නොවුණ සංවර්ධනය ඉදිරියට ගෙනයන්න අවශ්‍යයි. මොකද අපි දේශපාලනය කතා කරන්න කැමති නැහැ. නමුත් අපි දැක්කා බොහොම කයිවාරු ගහනවා පසුගිය කාලයේ කරපු සංවර්ධනය ගැන.

මම අහනවා මිත‍්‍රවරුනි කෝ ඒ කරපු සංවර්ධනයේ සලකුණු මේ මාතර දිස්ත්‍රික්කය තුළ, අවුරු දු 10 ක් තුළ පාරක් පළල් කරගන්න බැරිවුණා. අවුරු දු 10 ක් අපි කලින් කරපු සංවර්ධනය කැලැ වෙන්න ඉඩ දුන්නා. ඒ කාලය තුල රැකි රක්ෂා අඩුමගානේ දහසක්වත් දිලා තියෙද කියලා මම අහන්න කැමතියි. බොහෝ දෙනා එදා සල්ලි දිලා රැකියා ලබාගත්තේ. ඒ වැඩපිළිවෙළ අපි අවසන් කරලා තියෙනවා. හැම කෙනාම රජයේ රැකියා හොයන්නෙ නැති වෙන්න පුළුවන්. අන්න ඒ අයටත් අපි එන්ටර්ප‍්‍රසිසස් ශ්‍රී ලංකා ණය යෝජනා ක‍්‍රමය ආරම්භ කරලා තියෙනවා. විශේෂයෙන් හැකියාව දක්ෂතාව අදහස් තියෙන තරුණ තරුණියන්ට අපි කුඩා ව්‍යාපෘති ආරම්භ කරන්න අතහිත දෙනවා.

ඒ වගේම උපාධිධාරියෙකුට විශ්වවිද්‍යාලයෙන් එලියට ආවම පොළි රහිතව ලක්ෂ 15 දක්වා ණය ලබාදෙනවා තමන්ගෙම කුඩා ව්‍යාපාරයක් ආරම්භ කරන්න . ඊට අමතරව කාන්තාවන් ව්‍යාපාර කරනවනම් ලබාදෙන ඒ පොළි සහනයට තවත් 10% ක් ලබාදිලා තියෙනවා. මාතර දිස්ත්‍රික්කය තුළ මේ වනවිට විසිපන්දහසක් ව්‍යාපෘති අලුතින් ආරම්භ කරලා ක‍්‍රම ක‍්‍රමයෙන් පියවරෙන් පියවර දියුණු වෙමින් තියෙනවා. අපි මේ වැඩ කරන්න ඕන යුගයක් කතා කරකර ඉන්න යුගයක් නෙමෙයි.

නමුත් තමුන්නාන්සෙලා මේ තීරණාත්මක මොහොතේ අප ගෙන යන වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයාම සඳහා පාට පක්ෂ භේද අමතක කරලා එකතු වෙන්න. ඒ තුළින් අපි මිළඟ වසර කිහිපය තුළ රට සංවර්ධනය කරනවා. ඒ වගේම කියන්න ඕන ජල ප‍්‍රවාහන මණ්ඩලය මහවැලියට වඩා වැඩි මුදලක් වියදම් කරපු මාතර 4 වන පියවර ජල ව්‍යාපෘතිය ක්‍රියාත්මක වෙමිනි පවතිනවා. ඒ ව්‍යපෘතිය හරහා හිටපු ජනාධිපතිතුමාගේ බෙලිඅත්ත ආසනයටත් ජලය ලබා දෙනවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස