එජාප සභාපති කබීර් බැංකු රස්සා දෙන්නම් කියලා පාක්ෂිකයන්ගෙන් ලක්ෂ 2 ගාණේ අරන්!

January 23, 2020 at 5:54 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂයේ සභාපති කබීර් හෂීම් රාජ්‍ය ව්‍යවසාය ඇමතිවරයාව සිටියදී ඔහු යටතේ පැවැති රාජ්‍ය බැංකුවල රැකියා ලබා දීම සඳහා එක් අයෙකුගෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් අල්ලස් ලෙස ලබා ගෙන ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් පිරිසක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස වෙත පැමිණිලි කළහ.

මේ පිරිස මේ පැමිණිල්ල ඉදිරිපත් කළේ මන්ත්‍රීවරුන් නොවන එක්සත් ජාතික පක්ෂයේ ආසන සංවිධායකවරුන් සමග විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී අඟහරුවාදා (21) පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදීය.

එහිදී නැගී සිටී කෑගල්ල දිස්ත්‍රික්කයේ ගලිගමුව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක ඩබ්ලියු සෝමදාස කියා සිටියේ රාජ්‍ය බැංකුවල රැකියා ලබා දෙන බව කියා කබීර් හෂීම් සිය ආසනයේ පමණක් විසි දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් අල්ලස් ලෙස ලබා ගෙන ඇති බවය.

රුපියල් ලක්ෂ දෙක බැගින් ලබා දුන්නත් පොරොන්දු වූ පරිදි රාජ්‍ය බැංකුවල රැකියා නොලැබීම හේතුවෙන් එම එක්සත් ජාතික පාක්ෂිකයින් විසි දෙනා මේ වංචාව සම්බන්ධයෙන් කබීර් හෂීම්ට එරෙහිව මේ වන විට පොලීසියේ පැමිණිලි කර ඇති බව ද ඩබ්ලියු සෝමදාස මහතා එහිදී සජිත් ප්‍රේමදාස හමුවේ හෙළිදරව් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස