උපාධිධාරීන්ට රජය රස්සා දීමට මම විරුද්ධයි! උපාධිකාරයෝ වගේ තව දක්ෂයෝ රටේ ඉන්නවා! – මුදල් ඇමති

March 14, 2019 at 8:36 am | by admin

උපන්දා සිට නිදහස් අධ්‍යාපනය ලබා දී විශ්වවිද්‍යාලය තුළ ද නිදහස් අධ්‍යාපනය ලබා දී අවසානයේ රස්සා සොයා දීම ද රජයට පැවරීමට තමා විරුද්ධ යැයි මුදල් ඇමති මංගල සමරවීර පවසයි.

දියුණු රටක නම් උපාධිධාරීන්ට රැකියාවක් සොයාගත හැකි විය යුතු බවත් ලංකාවේ උපාධිධාරීන් මෙන්ම දක්ෂ වෙනත් පිරිස් ද සිටින බව හෙතෙම අවධාරණය කරයි.

කෙසේ වුවද තවත් උපාධිධාරීන් 20 000කට රැකියා ලබා දීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇති බවද මුදල් ඇමතිවරයා සිහිපත් කරයි.

වර්තමාන ආණ්ඩුව බලයට පත්වන විට රැකියා දස ලක්ෂයක් නිර්මාණය කරන බව ප්‍රකාශ කළ ද පසුගිය වසර කිහිපය තුළ එතෙක් පැවති රැකියා ලක්ෂ හතරහමාරක් අහිමි වී ඇතැයි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළේ අයවැය විවාදයට එක්වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස