සුරක්ෂිත රටක් බිහිකරන්න බුද්ධි අංශවලට ආරක්ෂාව සහ බලතල දෙනවා! – ගෝඨා

October 14, 2019 at 11:41 am | by emanisa.lk

ශ්‍රී ලංකාව සුරක්ෂිත හා බිය නැතිව ජීවත්විය හැකි රටක් බවට පත්න බවත් බුද්ධි අංශවලට නිසායාකාරව ක්‍රියා කිරිමට බලතල හා නීතිමය ආරක්ෂාව ලබාදෙන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ පවසයි. ඊයේ (13දා) මහර පැවැති රැස්වීම අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.

“ආරක්ෂිත විනය ගරුක සමාජයක් බිහි කිරීම අපේ ප‍්‍රධාන අරමුණක්. අපි ආදර්ශමත් විය යුතුයි. අද තිබෙන දේශපාලන සංස්කෘතිය අපි වෙනස් කළ යුතුයි. යහපත් කළ යුතුයි. අපිට ආවේගශිලීව හෝ පටු අරමුණු වෙනුවෙන් හෝ පෞද්ගලික අවශ්‍යතා වෙනුවෙන් හෝ ක‍්‍රියාකරන්න්ට බෑ. ආවේගශීලිව විරුද්ධවාදීන්ගේ කුමන්ත‍්‍රණ වලට ගොදුරු වෙලා අශෝභන ලෙස හැසිරීම මම කිසිසේත් අනුමත කරන්නේ නැති බව අවධාරණය කල යුතුයි.

රටේ කඩාවැටුනු ආරක්ෂක යාන්ත‍්‍රනය බල ගන්වනවා.ඒ හරහා මේ රට සුරක්ෂිත බිය නැතිව ජීවත් විය හැකි රටක් බවට පත්කරනවා. බුද්ධි අංශ වලට නිසියාකාරව ක‍්‍රියා කිරීමට බලතල සහ නීතිමය  ආරක්ෂාව ලබා දෙනවා.

තොරතුරු තාක්ෂණය හා පරිඝනක තාක්ෂණය මුල් කරගෙන අපේ ආර්ථිකය නගා සිටුවන්නටත් හොද වේතනයක් ලැබෙන රැකියා විශාල ප‍්‍රමාණයක් නිපදන්නටත් පුළුවන්.අපි රජයක් ලෙස මීට අවශ්‍ය යටිතල පහසුකම් සැපයිමටත්  සහ විවිධ බාධක ඉවත්කිරීමට රාජ්‍ය අනුග‍්‍රහය අපි ලබා දෙනවා.

මගේ පළමු වසර තුළ අධ්‍යාපනය වෙනුවෙන් විශාල ආයෝජනයක් කරනවා. අද තරුණ තරුණියන්  මේ අධ්‍යාපනයේ වරදින් අතරමං වෙලා. සෑම වසරකම උසස් පෙලට ඉදිරිපත් වෙන අයගෙන් ලක්ෂ දෙකක් විතර විශ්ව විද්‍යාලයට සමත් වුවත් 35000යි විශ්ව විද්‍යාලයට යන්නේ. උසස් පෙළ සමත් සියලුම ශිෂ්‍යයන්ට විශ්ව විද්‍යාල පහසුකම් ලබා ගැනීමේ හැකියාව ඇති කරනවා.

තාක්ෂණික විද්‍යාල හරහා රැකියාවලට සුදුසු, ආර්ථිකයට සුදුසු රැකියා සදහා, හොද වේතනයක් සහිත රැකියවන් ලබා දෙන්න අපි පියවර ගන්නවා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස