ලෝක ශූරියට රටට පේන්න දොරක් නැති ගෙයක යතුරක් දීලා රු. 50 000කුත් අරන්! – සජිත්ගේ කබල් දේශපාලනයේ ගොදුරක් වූ ක්‍රීඩා තරුවක සංවේදී කතාව…

March 2, 2020 at 10:05 am | by emanisa.lk

පාරමී මාරිස්ටෙලා 2018 වසරේ ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් උළෙලේදී ලෝකඩ පදක්කමක් දිනා ගනිමින් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ එවක නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මොරටුව සයුරුපුර නිවාස සංකීරණයෙන් නිවසක් ලබා දීමට ඉදිරිපත් වුවද එය ප්‍රෝඩාවක් බව හෙළි වී තිබේ.

එහිදී කොළඹින් මහල් නිවසක් තම දියණියට ලබා දීමට පොරොන්දු වු බවත් නිවස ප්‍රතික්ෂේප කරද්දීත් ඇයට නිවස භාර ගන්නා ලෙස සජිත් ප්‍රේමදාස පැවසු බවත් පාරමීගේ මව ප්‍රකාශ කරයි. පසුව උත්සවයක් පවත්වා නිවස විවෘත කිරීමට ඇය වෙත යතුරු කැරැල්ලක් දී තිබුණද උත්සවය නිමවී අදාළ ස්ථානයට ගිය පසු එයින් විවෘත කිරීමට නිවසේ දොරක් නොතිබු බවත් ඇය කියා සිටියි.

පසුව නැවත මාස 2කින් ලැබුණු දුරකථන ඇමතුමක් මත එම ස්ථානයට නැවතත් ගිය ද ඒ වන විටත් එහි විදුලිය හෝ ජලය තිබී නැත. කෙසේ වෙතත් වෘත්තියෙන් ධීවරයෙන් වන පාරමිගේ පියාත්, එදාවේල සරිකර ගැනීම සඳහා ගෙවත්තේ එළවළු වගා කරන පාරමිගේ මවටත් අමාත්‍යංශයේ බලධාරීන් දැන් දැනුම් දී ඇත්තේ පාරමිට බලෙන්ම ලබා දුන් නිවසට රුපියල් 50,000 ක මුදලක් ගෙවන ලෙසය.

දේශපාලන වාසි ලබාගැනීමේ අරමුණින් , තම පුද්ගලික අභිමතාර්ථ තකා මාධ්‍ය සංදර්ශන තබමින් ලබාදුන් නිවස හේතුවෙන් මේ වනවිට සිදුව ඇත්තේ පාරමී සහ ඇගේ මව්පියන්ගේ හිස මත තවත් බරක් පැටවීම පමණය. අදාළ මුදල නොගෙවුවහොත් ඔවුන්ට එරෙහිව නීති පියවර ගන්නා බවත් ලිපියකින් දැනුම් දී තිබුණේ එවන් මුදලක් ගෙවීමට ඔවුනට ආර්ථික ශක්තියක් හෝ නොමැති තත්ත්වයක් තුළය.

ශ්‍රී ලංකාවට තවත් ඔලිම්පික් පදක්කමක් ගෙන ඒමට හැකි පාරමීට තවතවත් පහසුකම් දෙනු වෙනුවට ක්‍රීඩා බලධාරීන් සහ දේශපාලකයින් සිදුකරන මෙවන් අමනෝඥ ක්‍රියාවලින් අවසානයේ සිදුවන්නේ ඇගේ ක්‍රීඩා දිවියම අඳුරු වීම බව බොහෝ දෙනාගේ අදහසය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස