මම ජනාධිපතිවරණයට අනිවාර්යෙන්ම එනවා! ජනාධිපතිවෙලා වීදි ගානේ ගොස් සෞභාග්‍යමත් රටක් හදනවා!

August 24, 2019 at 7:44 pm | by emanisa.lk

තමා 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම තව තවත් ස්ථීර බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මාතර දී ඊයේ (23) පැවසීය.

එම ජනාධිපතිවරණය අනාගතයේ හැරවුම් ලක්ෂය වනු ඇති බව කී හෙතෙම මන්දිරවල නොසිට වීදී ගානේ ගොස් ජනතා ශක්තිය සමඟ එක්ව සෞභාග්‍යමත් ශ්‍රී ලංකාවක් බිහි කරන බවද අවධාරණය කළේය‍ෙ

මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේ අද (23) සවස පැවති මෙම ජන රැළිය මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ප්‍රධාන සංවිධායකත්වයෙන් පැවැත්විණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස