අපි රට පාවා දෙනවා නෙමේ, උතුරු නැගෙනහිර සංවර්ධනය කරනවා! – සජිත්

January 19, 2019 at 9:31 am | by admin

රට පාවාදීමට ද්‍රවිඩ ජාතික සන්ධානය සමග ගිවිසුම් ගත නොමැති බවත් ඔවුන්ගේ ඉල්ලීම අනුව උතුරු නැගෙනහිර සංවර්ධනය කිරීමට ගිවිසුමක් ඇති බවත් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“යළි පිබිදුනු ගම් උදාව” වැඩසටහන යටතේ දිවයිනේ 152 වන උදා ගම්මානය වන “සිරිසරණගම” හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස ප්‍රදේශයේදී ජනතා අයිතියට පත්කරමින් ඔහු මේ බව පැවැසීය.

“ද්‍රවිඩ ජාතික සන්ධානය සමඟ ගිවිසුම් ගතව ආණ්ඩුව පවත්වාගෙන යන්නේ රට ද්‍රවිඩ ජාතික සන්ධානයට බාර දෙන්න යැයි අද විරුද්ධවාදීන් නොයෙක් දේ පවසනවා. රට පවා දෙන්නට කිසිවිටක අප ගිවිසුම් ගතව නැහැ. ද්‍රවිඩ ජාතික සන්ධානය අපගෙන් එක ඉල්ලීමක් කළා.

ඔවුන්ගේ ඉල්ලීමට අනුව තිබෙන එකම ගිවිසුම උතුර නැගෙනහිර ජනතාවට ඉඩම් ලබා දී නිවාස ඉදිකරන්නට, සෞඛ්‍ය, වාරී, කෘෂි, අධ්‍යාපන ඇතුළු සියළුම ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනයක් සිදු කරන්නටයි.

අපේම මාතෘ භුමියේ උතුරු නැගෙනහිර කොටසේ සියලුම ක්ෂේත්‍රයන්ගේ සංවර්ධනය සිදු කිරීම වැරැදිදැයි මා විරුද්ධවාදීන්ගෙන් අසනවා. එය සිදු කිරීම අපගේ වගකීමයි. විරුද්ධවාදීන්ගේ මේ බොරුවට ජනතාව රැවටෙන්නට එපා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස