අපේ භාණ්ඩාගාරේ සල්ලි නෑ! නැත්නම් රටේ නිවාස ප්‍රශ්නේ දැනටමත් විසඳලා!-සජිත්

September 18, 2019 at 2:05 pm | by emanisa.lk

නාගරික දුගී ජනතාවගේ නිවාස ප්‍රශ්නය විසඳීමට තිබෙන එකම බාධාව මහා භාණ්ඩාගාරයේ ප්‍රමාණවත් මුදල් නොමැතිකම බව එජාප නියෝජ්‍ය නායක, අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ හෝමාගම ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගි වෙමිනි.

නාගරික දුප්පත් ජනතාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස නිවාස ප්‍රශ්නය හඳුනාගෙන එම ගැටළුව විසඳීම සඳහා කාර්යක්ෂම වැඩපිලිවෙළක් ද සකස් කර ඇති බව සජිත් ප්‍රේමදාස පවසයි.

කෙසේ වෙතත් එම වැඩපිලිවෙළ ක්‍රියාවට නැගීම සඳහා බාධා එල්ල වී ඇති බවත් ඉන් ප්‍රධානතම බාධාව වන්නේ මහා භාණ්ඩාගාරයෙන් ප්‍රමාණවත් තරම් මුදල් වෙන් නොකිරීම බවත් හෙතෙම පෙන්වා දෙයි.

ප්‍රමාණවත් පරිදි භාණ්ඩාාගරය සතුව මුදල් තිබුණේ නම් මේ වනවිටත් නාගරික ජනතාවගේ නිවාස ප්‍රශ්නය සම්පූර්ණ අවසන් කිරීමට තිබූ බව ද ඔහු අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස