නුවරඑළියේ ජනපති සජිත්! තව මාස තුනෙක් ඔහු අගමැති! මම ඇමති! – පලනි දිගම්බරන්

December 2, 2019 at 1:11 pm | by emanisa.lk

තව මාස තුනකින් සජිත් ප්‍රේමදාස විශිෂ්ට ජයග්‍රහණයක් ලබා මේ රටේ අගමැති ධුරයට පත්වන බවත් තමන් සුපුරුදු ඇමති ධුරයට පත්ව වතුකරයේ ජනතාවට සේවය කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී කම්කරු ජාතික පෙරමුණේ සභාපති පලනි දිගම්බරන් පවසයි.

එළඹෙන මැතිවරණයෙන් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නුවරඑළියෙන් විශිෂ්ට ජයග්‍රහණයක් ලබන බවත් එම කාලයේ සෙවිලි තහඩු වැසි ආවරණ බෙදීමට පැමිණෙන අයට නොරැවටෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

2004-2015 සමයේ විපක්ෂය නියෝජනය කළ තමන් 2015 සිට වසර හතරහමාරක් ඇතුළත වතුකරයේ ජනතාවට නිවාස 10 000ක් තනා 5000කට පමණ සින්නක්කර ඔප්පු සමග නිවාස ලබා දුන් බව හෙතෙම සිහිපත් කළේය.

ජනාධිපතිවරණයෙන් නුවරඑළිය විශිෂ්ට ලෙස ජයග්‍රහණය කළ තමන් නිහඬව සිටිය දී පරාජයට පත්වූ අය කිරිබත් කමින් රතිඤ්ඤා දැල් වූ බව ද හෙතෙම පෙන්වා දුන්නේය.

ඊයේ (01) හැටන්හි පැවති උත්සවයකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස