රටක නායකයෙක් කියන්නේ සජිත්ට වඩා පරිණත කෙනෙක්! රටක ප්‍රතිපත්තිය උදේ හිටං රෑ වෙනකල් ගෙවල් හදන එක නෙමේ! – හඳුන්නෙත්ති

September 27, 2019 at 5:13 pm | by emanisa.lk

එජාප ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස රනිල් වික්‍රමසිංහ, බැඳුම්කර වංචාව, ආර්ථික කළමනාකරණ කමිටුව පිළිබඳ සිය ප්‍රතිපත්තිය රටට ප්‍රකාශ කළ යුතු යැයි ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එසේම දෙමළ මුස්ලිම් ජනතාව පිළිබඳ සිය ස්ථාවරය රටට හෙළිකළ යුතු යැයි ද ඔහු සඳහන් කළේය.

උදේ සිට රාත්‍රී වන තුරු ගෙවල් හැදීම පමණක් රටේ ප්‍රතිපත්තිය නොවන බවත් එය පිළිගැනීමට මේ රටේ ජනතාව සූදානම් නැති බවත් හෙතෙම පවසයි.

රටේ නිවාස ඉදිකිරීමේ ප්‍රතිපත්තියක් නැති නිසා සජිත් ප්‍රේමදාසට ද සිය පියා මෙන්ම ගෙවල් හදමින් සිටීමට සිදුව ඇතැයි ද මේ ගෙවල් හැදීම නිසා ඈත ගම්වල ජනතාව ණයකාරයන් වී ඇති බව ද ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස