මෛත්‍රී රනිල් ඇමති මලික්ගේ නිවසේ රහසේම හමුවෙයි! මෛත්‍රී ජනපති අපේක්ෂකයා කරන සාකච්ඡාවට එජාපය සූදානම්!

April 2, 2019 at 6:43 am | by admin

එකසත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක, නිවාස ඉදි කිරීම් හා සංස්කෘතික කටයුතු පිළිබඳ අමාත්‍ය සජිත් ප්‍රේමදාසට ශ්‍යාමෝපාලි මහ නිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් ‘ශාසන දීපන අභිමානි ශ්‍රී ලංකා ජනරංජන’ ගෞරව නාමය ඊයේ (31) මල්වතු මහ විහාරීය මංගල උපෝෂිතාගාරයේ දී පිරි නමනු ලැබීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අගමැති රනිල් වික්‍රමසිංහ ද ඊට සහභාගී වී සිටීම සියලු දෙනාගේ කතා බහට ලක්ව තිබුණි.

මෙම උත්සවය අතර නුවර පිහිටි මලික් සමරවික්‍රම මහතාගේ නිවසේ රාත්‍රී බොජන සංග්‍රයක් සුදානම් කර තිබු අතර ඒ සඳහා රහසේම මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, කතානායක කරු ජයසුරියගේ සමීප මාධ්‍යවේදියෙකු වන ක්‍රිශාන්ත කුරේ ද සහභාගී වූහ.

කෙසේ වුවද ජනාධිපතිවරයා වැඩි වේලාවක් එහි නොරැඳී නික්ම ගිය බව වාර්තා වෙයි. මෙම හමුව සහ එහිදී කතා බහට ලක්වූ කරුණු සම්බන්ධව කිසිදු තොරතුරක් පිටතට නොදීම මේ වන විට දේශපාලන ක්ෂේත්‍රයේ බොහෝ දෙනාගේ කතාබහට ලක්ව ඇත.

මේ අතර ඇමති පී. හැරිසන් ප්‍රකාශ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා දීමට සාකච්ඡා කිරීමට සූදානම් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස