ආණ්ඩුවට මැතිවරණ නීති බල්ලාට දමයි! සජිත්, රාජිත, අර්ජුන මහ රෑ සිය ගණන් පත්වීම් බෙදති! හිසටම වෙඩි තියන මැකො ආගිය අතක් නෑ!

September 29, 2019 at 9:16 am | by emanisa.lk

මේ වන විට ජනාධිපතිවරණය සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණය ප්‍රකාශයට පත්කර ඇති නිසා රජයේ රැකියා පත්වීම් ලබා දීම නීති විරෝධී වුවද එම නීතිවලට පටහැනිව මැති ඇමතිවරු සිය ගණනින් පත්වීම් ලබා දෙන බව වාර්තා වෙයි.

මේ අනුව එජාප පාක්ෂිකයන් කැඳවා මහ රෑ රැකියා පත්වීම් බෙදන අතර සජිත් ප්‍රේමදාස, අර්ජුන රණතුංග සහ රාජිත සේනාරත්න ඇමති ධුර දරන අමාත්‍යංශ මෙම නීති විරෝධී ක්‍රියාකාරකම්වල ඉදිරියෙන්ම සිටින බව හෙළි වී තිබේ.

පසුගිය දිනක සෞඛ්‍ය අමාත්‍යංශය මේ ආකාරයට පත්වීම් 400ක් ද ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍යංශය පත්වීම් 100ක් ලබා දී ඇති අතර නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය අනුමත කාර්යමණ්ඩලයට අමතරව බඳවාගත් සේවකයන් ස්ථිර කිරීමට කටයුතු සූදානම් කරමින් ඇත.

ඊට අවශ්‍ය ආකාරයට දින 180 ක් සේවය කරන අනියම්, කොන්ත්‍රාත්, දෛනික, ආදේශ යන තනතුරුවල සේවය කළ අයට ස්ථිර පත්වීම් ලබා දෙන ලෙසට පසුගියදා පරිපාලන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇත.

මෙම සියලු පත්වීම් නීති විරෝධී බවත් එවැනි සිදුවීම් 14ක් පිළිබඳ මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස