බුදු හාමුදුරුවෝ සිංහල බෞද්ධයෝ විතරක් නිදුක් වෙත්වා කිව්වේ නෑ! සිංහල දෙමළ මුස්ලිම් අයට වෙනම ගම් හදන එක තමා නියම සංහිඳියාව! – සජිත්

June 8, 2019 at 8:12 am | by emanisa.lk

කාඩ් බෝඩ් වීරයෝ එකතුවෙලා ජාතිභේද ඇති කරමින් රට ගිනි තියන අතර තමා අද සිංහල අයට හෙට මුස්‌ලිම් අයට, අනිද්දා දෙමළ අයට ගම්මාන හදන බවත් නියම සංහිඳියාව කියන්නේ එය බවත් නිවාස ඉදිකිරීම් හා සංස්‌කෘතික ඇමැති සජිත් ප්‍රේමදාස පවසයි.

ගල්ගමුව ඉහලගම ප්‍රදේශයේ ඉදිකළ 198 වැනි උදා ගම්මානය වූ සෝමානන්ද නාහිමි ගම ජනතා අයිතියට පත් කරමින් ඒ බව පැවසීය.

“මහ ලොකුවට ජාතිය ගැන කතාකරන අය අනාගතය ගැන කිසිදු දෙයක්‌ ගැන නොදැනයි ඔය දඟලන්නේ. විදේශ විනිමය වැඩියෙන් ම ලැබෙන්නේ විදේශවල වැඩ කරන අපේ ශ්‍රී ලාංකිකයන්ගෙනුයි. රටවල් කිහිපයක්‌ එකතු වෙලා අපේ රටට ඉන්ධන එවීම නතර කළොත් අපි මොකද කරන්නේ.”

“මේ රට නියම සිංහල බෞද්ධ නම් රටේ ජාති ආගම් කුල භේද තියෙන්න බැහැ. මෝඩ විදියට සිංහල බෞද්ධ රාජ්‍ය ඇති කරන්න බැහැ. දේශපාලන වාසි බලාගෙන කතා කරලා එවැනි රාජ්‍ය ගොඩනඟන්නත් බැහැ. මෙවැනි ජාතිවාදයක්‌ අවුස්‌සලා අරලියගහ මන්දිරයට, ජනාධිපති මැඳුරට රිංගල තමන්ගේ පවුලේ අයට තනතුරු තාන්න, මාන්න බෙදාගන්න සමහර අය දත කනවා. ඒවාට ජනතාව රැවටෙන්නේ නැහැ. බුදු හාමුදුරුවෝ සියලු සත්ත්වයෝ සුවපත් වේවා, නිදුක්‌ වේවා කියා දේශනා කළා මිසක්‌ සිංහල බෞද්ධයන් විතරක්‌ නිදුක්‌ වේවා කියලා දේශනා කළේ නැහැ. මෙවැනි රඟපාන අය හරි හැටි බුද්ධාගමවත් දන්නේ නැහැ.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස