බැංකු කඩලා හොරකම් කරලා කොමිස් ගහලා බ්‍රාහ්මණයෙක් වෙන්න බෑ! – ඇමති සජිත්ගෙන් රනිල්ගේ අතවැසි ඇමති රවීට දැවැන්ත ප්‍රහාරයක්…. (video)

April 16, 2019 at 10:09 pm | by admin

වසලයා සහ බ්‍රාහ්මණයා කවුදැයි ඉදිරි කාලය තුළදී ජනතාවට තීරණය කිරීමට හැකි වනු ඇතැයි නිවාස,ඉදිකිරිම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ‍ප්‍රේමදාස මහතා පවසයි. බැංකු කඩන කොමිස් ගසන හොරකම් කරන පුද්ගලයා වසළයකු බවත් බැංකු හදන පුද්ගලයා බ්‍රාහ්මණයකු බවත් ඇමතිවරයා පෙන්වා දෙයි. සිය බිරිඳ ලවා අල්ලස් ගැනීම බ්‍රාහ්මණ ක්‍රියාවක් නොවන බව ද හෙතෙම පවසයි.

දෙමාපියන් ගැන කතා කොට තමන් පිම්බෙන්න හදන බවට චෝදනා කරන ඇතැම් පුද්ගලයන් ලංකා ඉතිහාසයේ වසලම ක්‍රියා ටික කළ බවට ඇමතිවරයා චෝදනා කරයි. මේ පුද්ගලයන්ට යම් වගකීමක් භාර දුන්නොත් එය විනාශ කරන බවත් ජනතාව ආලෝකය බලාපොරොත්තු වන විට ජනතාවට ලැබෙන්නේ අන්ධකාරය බවත් හෙතෙම පෙන්වා දෙයි.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පැවැති උත්සවයක් අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

පසුගිය සමයේ අගමැති රනිල්ගේ සමීපතමයකු වන රවී කරුණානායක විසින් සජිත් ප්‍රේමදාස ඉලක්ක කර විවිධ උත්සව අවස්ථාවල විවේචන එල්ල කළේය. මේ ඒ සඳහා ලබා දුන් පිළිතුරක් ලෙස සැලකිය හැකිය. රවී කරුණානායකට මහ බැංකු වංචාව, සතොස දූෂණ ඇතුළු ඔහු ඇමතිකම් දැරූ සියලු ආයතනවල දූෂණ චෝදනා රාශියක් එල්ල වෙයි. මහ බැංකු වංචාවේ මහ මොළකරු අගමැති රනිල් වික්‍රමසිංහ බවට ද මතයක් තිබේ. එහෙයින් මෙය අගමැති රනිල්ට ද අන්‍යාකාරයෙන් සිදු කළ ප්‍රහාරයකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස