පැරා ක්‍රීඩා ශූරයාට ඇමති සජිත්ගෙන් නිවසක්!

February 8, 2019 at 3:58 am | by admin

ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවට කීර්තිය අත්කර දුන් ක්‍රීඩකයන්ට නිවාස ලබාදීමේ වැඩසටහන යටතේ විසිහය වැනි වරටත් ක්‍රීඩකයකුට රුපියල් ලක්‍ෂ තිහක් වටිනා නිවෙසක් පිරිනැමීම ඊයේ (7දා) නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතා අතින් සිදුකෙරිණි.

බත්තරමුල්ල, සෙත්සිරිපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී නව නිවෙසකට හිමිකම් කීවේ පැරා ඔලිම්පික් මලල ක්‍රීඩා උළෙලින් ජයග්‍රහණ රැසක් අත්පත් කරගත් පුත්තලම, මදුරන්කුලිය කීර්තිසිංහගම පදිංචි වර්ණකුලසූරිය අමිල
ෂන් ක්‍රීඩකයාය.

මෙහිදී කතා කළ ඇමැති සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වත්මන් ජනාධිපතිවරයා හා අගමැතිවරයා ප්‍රමුඛ රජයේ ප්‍රතිපත්තිය තම තමන්ට බෙදා ගැනීම වෙනුවට මේ රටේ ලක්‍ෂ දෙසිය විස්සක ජනතාවට මේ සම්පත් උරුම කරදීම බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *