මවුලවියකු ලවා සජිත් ප්‍රේමදාස මහ රෑ විල්පත්තු කල්ලාරු වනයේ අක්කර දෙකක් වනසයි! සදා ලෝක පූජිත රිෂාඩ් බදියුදීන් ගම හදන්න දැයි සැකයක්! (video)

June 1, 2019 at 9:53 pm | by admin

ඉකුත් 23-24 දිනවල විශාල පස් කපන යන්ත්‍ර යොදා විල්පත්තු වනාන්තරයට යාබද කල්ලාරු රක්ෂිතයේ අක්කර දෙකක පමණ භූමියක් එළිපෙහෙළි කර නිවාස 25ක් පමණ සෑදීම සඳහා සකසා ඇත්තේ නිවාස සහ ඉදිකිරීම් ඇමති සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියක් සඳහා බව හෙළි වී තිබේ.

මේ අනුව අවුරුදු ගණනාවක් තිස්සේ මේ රටේ විල්පත්තු වනාන්තරය විනාශ කිරීමේ නියුතුව සිටි ඇමති රිෂාඩ් බදියුදීන් අර්බුදයකට මැදි වී සිටින අතර සජිත් ප්‍රේමදාස එම වන සංහාරය නැවත වටයකින් ආරම්භ කර ඇති බව තහවුරු වෙයි.

ප්‍රදේශයේ මවුලවියකුගේ මෙහෙයවීම මත රාත්‍රී කාලයේ සිදුකර ඇති මේ වන සංහාරයට ගොදුරු වී ඇත්තේ මින් පෙර කිසිවකු පදිංචි වී සිටි භූමියක් නොව වනාන්තරය බව වන සංරක්ෂණ නිලධාරීහු පෙන්වා දෙති. මේ ආකාරයට නිවාස ව්‍යාපෘති සඳහා යැයි පවසමින් රටේ වනාන්තර එළිපෙහෙළි කරන්නේ කුමන නීතියක් යටතේ ද යන්න පැහැදිලි නැත.

රටේ ඇමතිවරුන් නූතන ලෝකයට නොගැලපෙන කුඩා කුඩා නිවාස ඉදිකිරමින් රටේ වන බිම් පවා විනාශ කරන පසුබිමක ජනාධිපතිවරයා පවසන්නේ තමාගේ පාලන කාලය තුළ විල්පත්තුවේ එක බිම් අඟලක් එළි කිරීමට ඉඩ නොදුන් බවත් රටේ සමස්ත වන වැස්ම ඉහළ නැංවීමට කටයුතු කරන බවත්ය.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස