රටේ ආරක්‍ෂාව හා පුද්ගලික නිදහස රැකගැනීමට අවශ්‍ය නම් දැනට ක්‍රියාත්මක වැඩපිළිවෙළ අඛණ්ඩව ඉදිරියට ගෙන යා යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසයි.
ඒ සඳහා නොවැම්බර් 16 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා සජිත් ප්‍රේමදාස රටේ ජනාධිපති ධූරයට පත් කර ගත යුතු බව හෙතෙම ඊයේ (08) කොළඹ දී පැවසීය.
එසේ නොවුණහොත් සිදුවන්නේ රටේ ජාතික ආරක්‍ෂාවට මුවාවී, ජනතාවගේ නිදහස නැති කරන ඒකාධිපති කණ්ඩායමකට බලය හිමිවීම බව ද පෙන්වා දුන්නේය.
Copyright © 2026 emanisa.lk