අගමැති රනිල් චීනයට විකුණා දැමූ හම්බන්තොට චීන වරාය නිරීක්ෂණයට යයි!

March 31, 2019 at 11:44 am | by admin

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (30දා) පෙරවරුවේ හම්බන්තොට වරාය භූමියේ පිහිටි ලාෆ් ගෑස් සංකීර්ණය හා වරායේ සිදුකෙරෙන සංවර්ධන කටයුතු පිළිබඳව නිලධාරීන් සමග සාකච්ඡා කරමින් වරායේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්විණි.

එම නිරීක්‍ෂණ චාරිකාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී, වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක, වරාය අධිකාරියේ සභාපති කාවන් රත්නායක යන මහත්වරු සහ ලාෆ් ගෑස් ආයතනයේ හා වරාය අධිකාරියේ නිලධාරීන් රැසක් සහභාගි වී සිටියහ.

2017 දෙසැම්බර් මස හම්බන්තොට වරාය 99 අවුරුදු බදු පදනම යටතේ ඇ.ඩො. බිලියන 1.1කට චීනයට ලබා දුන් අතර ශ්‍රී ලංකා වරාය අධිකාරියට හිමිව ඇත්තේ එහි 15%ක කොටස් පමණි. නැවත එම වරාය ශ්‍රී ලංකාවට ලබාගත හැක්කේ 2116 වසරේ දීය. වරාය නැවත ඒ වසරේ ලබා ගත්ත ද ඒ වන විට අද ජීවත් වන බොහෝ දෙනෙකු මිය ගොසිනි.

පසුගිය වසර තුන තුළ රුපියල අවප්‍රමාණ වීම නිසා විදෙස් ණය ඉහළ යාම නිසා වැඩිපුර ඩොලර් බිලියන 10ක ණය මුදල් ගෙවීමට ලංකාවට සිදුව ඇති අතර එමගින් හම්බන්තොට වරාය වැනි අලුත් වරාය 6ක් තැනීමට තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස