ISISකාරයෝ ලංකාවේ ඉන්න බව අපි දැනගෙන හිටියා! නමුත් ඔවුන් අත්අඩංගුවට ගැනීම අපේ නීතියට පටහැනියි! – අගමැති

April 26, 2019 at 7:57 am | by admin

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට ශ්‍රී ලංකාවෙන් සම්බන්ධවූවන් නැවත ලංකාවට පැමිණ සිටින බවට රජය දැනුම්වත් සිටි නමුත් ජාත්‍යන්තර ත්‍රස්ත සංවිධානයකට සම්බන්ධවීම ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි නොවන බැවින් ඔවුන් අත්අඩංගුවට ගැනිමට නොහැකිවූ බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා තිබේ.

එංගලන්තයේ ස්කයි පුවත් සේවයට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.

එසේම පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර රාජය අතර සන්නිවේදනයේ බිඳවැටීමක් සිදුව ඇති බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.

එසේම තමන් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට මේ දක්වා සළකා බලා නොමැති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස