“නිදහසට කරුණු අවශ්‍ය නෑ! තවත් කිසි සමාවක් නෑ! වහාම ඉල්ලා අස්වනු!” ඇමති රුවන් රූපවාහිනි සභාපතිනියට යැවූ ලිපිය මෙන්න…

July 7, 2019 at 3:32 pm | by emanisa.lk

පසුගියදා එජාප මන්ත්‍රී හමුවක දී ඉනෝකා සත්‍යාංගනී රූපවාහිනි සභාපති ධුරයෙන් වහාම ඉල්ලා අස්විය යුතු බවට අගමැති රනිල්, මුදල් ඇමති මංගල ඇතුළු පිරිසක් තීන්දු කළ බවත් ඒ අනුව ජනමාධ්‍ය රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන ඈට සතියක් ලෙස ඉල්ලා අස්වන ලෙස රූපවාහිනිය වෙතම ගොස් දැනුම් දී තිබිණි. ඒ ඇමතිවරයාගේ දැනුම් දීම අනුව ඈ අමාත්‍යංශය වෙත නොපැමිණි නිසාය.

කෙසේ වුවද ඉල්ලා අස්වනු වෙනුවට ඉනෝකා සත්‍යාංගනී නිදහසට කරුණු කියමින් ඇමතිවරයාට පසුගිය 02 වෙනිදා ලිපියක් යොමු කර තිබේ. ඇමතිවරයා ඊට හැරෙන තැපෑලෙන් පිළිතුරු ලියා ඇත්තේ (04) ඇයට එල්ල වී ඇති චෝදනා පත්‍රය ද සමගය.

ලිපිය අවසානයේ වහාම සිය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසත් ඒ පිළිබඳ තමන් දැඩිව කටයුතු කිරීමට සූදානම් බවත් ඇමතිවරයා එමගින් සභාපතිනියට දන්වා යවා ඇත. ඇගේ අකාර්යක්ෂම පරිපාලනය ජාතික රූපවාහිනියේ බිඳ වැටීමට මූලික හේතුව ලෙස පසුගිය මන්ත්‍රී හමුවේදී සඳහන් කර තිබිණි. මෙම ලිපිය රූපවාහිනියට ඉදිරි සැලැස්මක් නොමැති වීම ඇතුළු එම චෝදනා එකිනෙක වෙන වෙනම දක්වා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස