අගමැති රනිල්ට කතානායක කරූට ජනාධිපතිවරණයක් දිනන්න බෑ! දිනන්න පුළුවන් එකම එජාප අපේක්ෂකයා සජිත්! – ඇමති අශෝක් අබේසිංහ

June 23, 2019 at 9:02 am | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේදී මේ රටේ සියලුම ජාති, ආගම්වල, වෙනත් පක්ෂවල සහාය ද ලබාගෙන ජයග්‍රහණය කළ හැකි එක්සත් ජාතික පක්ෂයට සිටින එකම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ඊයේ (22) කුරුණෑගලදී ප්‍රකාශ කළේය.

ඉදිරි ජනාධිපතිවරණයකදී එක්සත් ජාතික පක්ෂයට සුදුසුම අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස බව පක්ෂයේ සියලුම දෙනා කතා වන බව පැවසූ අමාත්‍යවරයා තමන්ද සිතා සිටින්නේ ඔහු ඉදිරිපත් වීම වඩාත්ම සුදුසු බව යැයිද කියා සිටියේය.

ඉදිරි ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීමට නම් එක්සත් ජාතික පක්ෂයේ සියලුම ජන්ද ප්‍රකාශ විය යුතුවා සේම මධ්‍යස්ථ සහ වෙනත් පක්ෂවල, වෙනත් ජාතීන්ගේ ඡන්දද අනිවාර්යයෙන්ම ලැබිය යුතු බවද අබේසිංහ මහතා පෙන්වා දුන්නේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස