අගමැති රනිල්ගේ අගසව් ඇමති සාගලට ජනපතිගෙන් කදිම පාඩමක්!

February 8, 2019 at 5:58 pm | by admin

අනුන් කරන දේවලින් සතුටු වනවාට වඩා තමා යමක් කර සතුටු වීම හොඳ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි. එහෙත් මේ වන විට ඩුබයිවල දී මත්කුඩු ජාවාරම්කාරයන් අල්ලා ගැනීමට උප්පැන්න දීමට බොහෝ පිරිසක් ඇතැයි ජනාධිපතිවරයා සිහිපත් කළේය.

“මම දැක්කා අද එක ඇමතිවරයෙක් කියලා තියෙනවා STF එක හැදුවෙත් අපිය, මේ අල්ල ගත්තු අය අල්ලන්න ඒ අය දැල එළුවේ මීට අවුරුදු ගාණකට ඉස්සෙල්ලා කියලා. තමන් වැඩක් කරලා ඒ ගැන සතුටු වෙන එක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්.”යැයි ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණයට නව ඒකකයක් පිහිටුවමින් නීතිය හා සාමය අමාත්‍යාංශය හරහා යහපාලන ආණ්ඩුව ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් මදුෂ් වැනි මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව ඇමැති සාගල රත්නායක මහතා පසුගියදා පැවසීය. මිල අධික උපකරණ කිහිපයක් මිලයට ගැනීමට ප්‍රමාද වූ නිසා මදූෂ් අත්අඩංගුවට ගැනීම පමා වූයේ යැයි ද හෙතෙම කියා තිබිණි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *