අගමැති රනිල් සභාපතිකමේ හිටියාට කිසි වැඩක් නෑ! මිතතනිය තැනූ කැලණි විහාර දායක සභා සභාපතිකමින් රනිල් පන්නයි!

September 1, 2019 at 9:23 pm | by emanisa.lk

ඓතිහාසික කැලණිය රජමහා විහාරයේ දායක සභාවේ සභාපති ධුරයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමට අද (01) දායක සභාවේ බහුතර අනුමැතිය හිමිවිය.

ඒ අද පස්වරුවේ, කැලණිය රජමහා විහාරාධිපති පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති දායක සභාව රැස්වීමේ දීය.

මෙම යෝජනාව ඉදිරිපත් වූ අවස්ථාවේ විහාරාධිපති හිමි දායක සභාවේ ඡන්දය විමසූ අතර යෝජනාවට විරුද්ධව එනම් රනිල් වික්‍රමසිංහ තව දුරටත් දායක සභාවේ සභාපති ධුරයේ තබාගත යුතු බවට ඡන්දය ප්‍රකාශ කර ඇත්තේ තිදෙනෙකු පමණි.

මෙම ගෞරවණීය රනිල් වික්‍රමසිංහට තනතුර ලබා දුන්න ද ඒ වෙනුවෙන් විහාරයට ඉටුවිය යුතු යුතුකම් කිසිවක් ඔහු අතින් සිදු නොවූ බවට දායක සභාව චෝදනා කළේය.

දායක සභාවේ බහුතර තීන්දුව පිළිබඳ විහාරස්ථාන විධායක සභාව සමග සාකච්ඡා කොට තීන්දුවක් ලබා දෙන බව පූජ්‍ය මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමි ප්‍රකාශ කළේය.

පෘතුගීසින් විසින් විනාශ කළ කැලණි රජමහා විහාරය නැවත ප්‍රතිසංස්කරණය කරමින් ගොඩනැඟුවේ හෙලේනා විජයවර්ධන මැතිනිය විසිනි. අගමැති රනිල් වික්‍රමසිංහ ඇගේ මුනුබුරාය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස