අගමැති අරාබි භාෂා නාම පුවරු තහනම් කරයි! කාත්තන්කුඩියටත් නීතිය ක්‍රියාත්මක වෙයිද?

May 23, 2019 at 10:32 pm | by admin

ශ්‍රී ලංකාවේ මාර්ගවල නාම පුවරු සිංහල දෙමළ ඉංගිරිසි භාෂා තුනෙන් පමණක් සමන්විත විය යුතු බව අගමැති රනිල් වික්‍රමසිංහ අමාත්‍ය වජිර අබේවර්ධනට උපදෙස් ලබා දී තිබේ.

කෙසේ වුවද උතුරු නැඟෙනහිර ඇතැම් ප්‍රදේශවල නාම පුවරුවල සිංහල නම් තින්ත යොදා මකා දමා තිබුණු බව පසුගිය සමයේ වාර්තා විය.

එසේම නැඟෙනහිර පළාතේ කාත්තන්කුඩි වැනි නගරවල නාම පුවරු ප්‍රදර්ශනය කර ඇත්තේ අරාබි භාෂාවෙන් පමණි.

අගමැතිවරයාගේ මෙම නියෝගය අනුව එම අරාබි මාර්ග නාම පුවරු ඉවත් කළ යුතු අතර රට පුරා සිංහල දෙමළ ඉංගිරිසි භාෂා පුවරු සවි කළ යුතුය.

එහෙත් නැඟෙනහිර ඇතුළු මුස්ලිම් බහුතරයක් වෙසෙන ප්‍රදේශවල යතුරු පැදිවලට අනිවාර්ය හිස් වැසුම් නීතිය පවා ක්‍රියාත්මක වන්නේ නැත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස