අගමැති රනිල් හෙමින් සැරේ සජිත් පිල දඩයම් කිරීම අරඹයි! සුජීව, අජිත් පී. සහ හේෂා ඇතුළු 04කට එරෙහිව විනය පරීක්ෂණ!

August 27, 2019 at 4:26 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ විනය කඩකළේ යැයි චෝදනා කරමින් ඒ සඳහා නිදහසට කරුණු කියන ලෙස දන්වා ඇමති සජිත් ප්‍රේමදාස පාර්ශවය නියෝජනය කරන සිව්දෙනෙකුට එජාපය විසින් ලිපි යවා ඇතැයි වාර්තා වෙයි. ඒ අගමැතිවරයාගේ උපදෙස් අනුවය.

මේ අතර රාජ්‍ය ඇමතිවරුන් වන අජිත් පී. පෙරේරා සහ සුජීව සේනසිංහ වෙත ද පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ ඇතැයි පැවසෙන අතර සිව් වැන්නා එජාප සභාපති කබීර් හෂීම් විය හැකි යැයි එම ආරංචි මාර්ග වැඩි දුරටත් පවසයි.

මේ චෝදනා විමර්ශනය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහගේ සමීපතම හිතවතුන් වන එජාප මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් සහ පක්ෂයේ නීති උපදේශක නිශ්ශංක නානායක්කාර පත්කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස