“පුළුවන් නම් විනය පරික්ෂණ කරපල්ලා! අපි බය නෑ ඕයි!” – මාතර සජිත්ගේ වේදිකාවේ සිට හරීන් අකිලට කොචෝක් කරයි….

August 23, 2019 at 11:21 pm | by emanisa.lk

ඇමති අජිත් පී. පෙරේරාට ඇමති සුජීව සේනසිංහට හැකි නම් විනය පරීක්ෂණ ගෙන එන්න යැයි ද විනය පරීක්ෂණවලට තමා බිය නැතැයි ද ඇමති හරීන් ප්‍රනාන්දු පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ අද (23) මංගල සමරවීර මාතර සංවිධානය කළ සජිත් ප්‍රේමදාස පිළිගැනීමේ රැලියක් අමතමිනි.

1994 තමා සාමාන්‍ය පෙළ ලියන විටත් ලබන අවුරුද්දේ තම දියණිය සාමාන්‍ය පෙළ ලියන විටත් එජාප නායකයා රනිල් බව සඳහන් කළ හරීන් ප්‍රනාන්දු 2017 මැයි රැලියේ දී 2020ට තරුණ නායකයෙක් ගෙන එන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේ යැයි ද සිහිපත් කළේය.

මේ වන විට තමන් ඇතුළු ජනතාව සජිත් ප්‍රේමදාස ඉල්ලා සිටින්නේ ඒ නිසා බව ද කුමන බාධක ආවද පැය 24ම ජනතා සේවයට කැප කළ සජිත් ප්‍රේමදාස ජනාධිපති ධුරයට පත් කරන තුරු සටන අත් නොහරින බව ද අවධාරණය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස