”ඔබතුමා අගමැතිකමෙන් අස්වෙන්නේ කවද්ද, එදාට මම ජනාධිපතිකමෙන් ඉවත්වෙලා අගමැතිකම බර ගන්නම්!” – සජිත් රනිල්ට කියලා..

September 25, 2019 at 12:13 pm | by emanisa.lk

කිසිදු කොන්දේසියක් යටතේ එජාප ජනාධිපති අපේක්ෂකත්වය භාර ගැනීමට තමා සූදානම් නැතැයි ඇමති සජිත් ප්‍රේමදාස ප්‍රකාශ කළ බව ඇමති මංගල සමරවීරගේ සමීපතමයන් විසින් පවත්වා ගෙන යන ලීඩර් වෙබ් අඩවිය අඩවිය වාර්තා කර තිබේ.

මාස හයෙන් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳ හෝ කිසිදු කොන්දේසියක් තමා වෙත මෙතෙක් දැනුම් දී නැතැයි ද ඔහු පවසා ඇති අතර ඒවාට යටත් වී සිය ආත්ම ගෞරවය පවා දීමට සූදානම් නැතැයි ද අවධාරණය කර ඇත.

සජිත් ප්‍රේමදාස හා මලික් සමරවික්‍රම පසුගියදා අගමැති රනිල් වික්‍රමසිංහ හමුවූ අවස්ථාවකදී මේ සම්බන්ධයෙන් අගමැති රනිල් විමසීමක් කර ඇති අතර එහිදී සජිත් ප්‍රේමදාස පවසා ඇත්තේ ”ඔබතුමා අගමැතිකමෙන් අස්වෙන්නේ කවද්ද, එදාට මම ජනාධිපතිකමෙන් ඉවත්වෙලා අගමැතිකම භාර ගන්නම්” කියා යැයි ද ඔවුන් පෙන්වා දෙයි.

සජිත් ප්‍රේමදාසට එජාප ජනපති අපේක්ෂකත්වය ලබා දීමට ඒකමතිකව තීන්දු කළ බවට සජිත් පිල පතුරුවන කතා අසත්‍ය බවත් ඇමති රවී කරුණානායක දිගින් දිගටම ඊට විරෝධය පළ කර ඇති බව ද වාර්තා වෙයි.

මේ අතර සජිත් ප්‍රේමදාසට එජාප ජනාධිපති අපේක්ෂකත්වය ලබා දෙන්නේ නම් කොළඹ එජාප ප්‍රබලයකු ඔහුට සහාය නොදී ස්වාධීන වීමට හෝ වෙනත් විකල්පයක් වෙත යාමට සූදානම් බව ද එජාප අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස