පොදුජන පෙරමුණ තවදුරටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත නොවන්නේ නම් ඉදිරි මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග වදින බවත් විශාල ජයග්‍රහණයක් ලබා ගන්නා බවත් ඇමති දයාසිරි ජයසේකර තම හිතවත් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් සමග පවසා ඇත.
මෙසේ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තනිව තරග කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන් එක්සත් ජාතික පෙරමුණ සමග එකතු කර පොදුජන පෙරමුණට හොඳ පාඩමක් ඉගැන්විය යුතු බව ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත.
2015 ජනාධිපතිවරණයෙන් පසුව මහින්ද රාජපක්ෂ හැරදමා මෛත්‍රීපාල සිරිසේන සමග මුලින්ම ගිය පුද්ගලයකු වන්නේද එක්සත් ජාතික පක්ශයෙන් පැමිණි දයාසිරි ජයසේකරය.
Copyright © 2025 emanisa.lk