ජනාධිපතිවරණයෙන් එජාපය පරාජය කරන්න ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්! – දයාසිරි

September 8, 2019 at 3:38 pm | by emanisa.lk

ජනාධිපතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා ඕනෑම කැප කිරීමක් කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම් දයාසිරි ජයසේකර පවසයි.

ඒ වෙනුවෙන් පොදුජන පෙරමුණ ද යම් යම් කැප කිරීම් කිරීමට සූදානම් විය යුතු බවත් නො එසේ නම් පක්ෂයේ ශක්තිය සහ ගෞරවය උදෙසා වෙනම තරඟ කිරීමට වුව සූදානම් යැයි හෙතෙම අවධාරණය කළේය.

මේ වන විට පොදුජන පෙරමුණ සමග සාකච්ඡා කරන බවත් එම සාකච්ඡා අසාර්ථක වුවහොත් ඒ සඳහා ද විකල්ප තමන්ට ඇතැයි ඔහු සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස