ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරලා ශ්‍රීලනිපය ශක්තිමත් කරන්න පුළුවන්! – දයාසිරි

August 7, 2019 at 11:59 am | by emanisa.lk

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 11 වැනිදා පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කර තිබේ.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (06) පස්වරුවේ පැවති රැස්වීමේදී ගත් තීරණයක් අනුවය.

ඒ පිළිබඳ කරුණු පැහැදිලි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර කියා සිටියේ “ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රීලනිප මන්ත්‍රි කණ්ඩායමේ රැස්වීම තිබුණා. තාමත් සාකච්ඡා පැවැත්වෙමින් යන නිසා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලබන 11 වැනිදා පවත්වන සම්මේලනයට සහභාගී නොවීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම තීරණය කළා. මේක ඒකමතික තීරණයක්. අපිට වැදගත් වෙන්නේ පුද්ගලයා.අපේක්ෂකයා හෝ පක්ෂය නෙමෙයි. අපිට වැදගත් වෙන්නේ ප්‍රතිපත්ති මාලාව.” යනුවෙනි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ජාවලදී එළැඹි එකඟතා සහ ඉදිරි ක්‍රීයාමාර්ග පිළිබදවද දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙහිදි අදහස් පළ කළා.

“ජනාධිපතිතුමා ජනාධිපති අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලියේ තවදුරටත් අපි ඉන්නවා. එතනින් පමණයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් වෙන්නේ. ජනාධිපතිතුමාගෙන් ඒ ඉල්ලීම දිගටම කරන්න හේතුව ඒකයි. කෙසේවෙතත් අවසන් තීන්දුව ගත යුත්තේ ජනාධිපතිතුමා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අතර පැවති සාකච්ජාවලදී එළැඹි එකඟතා පිළිබඳ මාධ්‍යට කියන්න විදිහක් නෑ. ඉදිරියේදී ගන්නා තීරණ අනුව ඒ පිළිබඳව පැහැදිළි වෙයි.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස