දයාසිරි දුමින්ද කියන්නේ ගොං හරක්! එකම වෙනස හමේ පාටේ විතරයි! හරක් පැටව් දාගෙන පක්ෂය හදන්න බෑ! – ඩිලාන්

August 8, 2019 at 12:48 pm | by emanisa.lk

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර සහ හිටපු මහලේකම් දුමින්ද දිසානායක යන දෙදෙනාම හරක් පැටවුන් බවත් හරක් පැටවුන් සමඟ පක්ෂයක් ගොඩගැනීමට නොහැකි හෙයින් තමන් ශ්‍රීලනිපයෙන් ඉවත්ව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්වන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි.

තමන්ට තව දුරටත් බදුල්ල දිස්ත්‍රික්කය තුළ ශ්‍රීලනිපයෙන් දේශපාලනය කිරීමේ හැකියාවක් නොමැති බැවින් තමන්ගේ ඉදිරි දේශපාලන කටයුතු පොහොට්ටුව සමඟ එක්ව සිදුකිරීමට තමන් තීරණය කළ බවයි ඔහු සඳහන් කළේය.

“ජනාධිපතිතුමා මොකද්ද මන්දා එකක් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අහන්න හිටියලු. අපි දන්නෙත් නෑ. හැබැයි එහෙම අහන්න හිටියා නම් පක්ෂයක මහලේකම් අගවිනිසුරුත් සම්බන්ධ කරලා ඒක කියනවද මාධ්‍යයට? එහෙම කියන්න පුළුවන් ගොං හරකෙක්ට විතරනෙ. ඒවගේ හරක් පැටව් ටිකක් දාගත්තාම ශ්‍රීලනිපය ගොඩ එන්නෙ නෑ.

අපි ඉඳලා තමයි එක පැටියෙක් අයින් කළේ. තවත් එක පැටියෙක් ගෙනත් දාගත්තා. අරූගෙ පාට සුදුයි, මුගෙ පාට කළුයි. එච්චරයි වෙනස. දෙන්නම හරක්, කිසි වෙනසක් නෑ. පොඩි වෙනසක් තියනවා, හිටපු එකාගෙ තාත්තා පට්ට ශ්‍රී ලංකා කාරයා මේකාගෙ තාත්තා ශ්‍රී ලංකාත් නෙවෙයි”

ඩිලාන් පෙරේරා මේ බව පැවසුවේ ඊයේ (07) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස