දයාසිරි තනතුරු බෙදාගන්න හරි දස්සයා! – රෝහිත

June 3, 2019 at 7:46 pm | by admin

එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් දයාසිරි ජයසේකර තනතුරු බෙදා ගැනීමට ඉතාම දක්ෂයකු බව පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසයි.

තනතුරක් ලැබෙන්නේ නම් ඕනෑම තැනකට පැනීමට ද නැවතත් පැනීමට ඔහුට සුවිශේෂ හැකියාවක් ඇතැයි ද තමන් දයාසිරි මන්ත්‍රීවරයා පිළිබඳ හොඳට දන්නා බව ද රෝහිත අබේගුණවර්ධන වැඩි දුරටත් සඳහන් කළේය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ එළඹෙන ජනාධිපතිවරණයේදී ජනපති අපේෂකත්වය මෛත්‍රීපාල සිරිසේනට ද අගමැති ධුරය මහින්ද රාජපක්ෂට ද හිමි විය යුතු බවටත් එසේ තනතුරු නැතිව මුක්කු ගැසීමට තමන් සූදානම් නැතැයි දයාසිරි කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස