ඥානසාර හිමි සමග දයාසිරි කතරගම වැඳගනී!

June 10, 2019 at 11:38 am | by emanisa.lk

බොදු බලසේනා සංවිධානයේ මහා ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි හා ශ‍්‍රිලංකා නිදහස් පක්‍ෂයේ මහා ලේකම් දායාසිරි ජයසේකර මහතා එක්ව අද (09) කතරගම පුදබිම වෙත පැමිණ විශේෂ ආගමික වතාවත්වල නියැලුණහ.

ගලගොඩඅත්තේ ඥානසාර හිමි කතරගම කිරි වෙහෙර වැඳ පුදා ගෙන අනතුරුව දේවාල භුමියට පැමිණ අෂ්ඨඵල බෝධිය වෙත පැමිණ විශේෂ බෝධි පුජාවක් පත්වනු ලැබූ අතර ඒ අවස්ථාවට දයාසිරි ජයසේකර මහතා ද එක් විය.

බෝධි පූජා පිංකමෙන් පසු කතරගම දේවාලය වෙත පැමිණි පිරිස පූජා වට්ටි පූජා කරමින් කතරගම දෙවියන්ගේ ආශිර්වාද ප‍්‍රාර්ථන කර ගනු ලැබීය.

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට සිරගත කර සිටි ඥානසාර හිමියන්ට සමාව ලබා දුන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසිනි. ඔහු නැවත ජනාධිපති ධුරයට තරඟ කළ යුතු බව දයාසිරි ජයසේකර ඇතුළු ශ්‍රීලනිප මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස