ජාතික ආණ්ඩු යෝජනාවට පක්ෂ බහුතරයක් විරුද්ධයි!

February 6, 2019 at 2:50 pm | by admin

මුස්ලිම් කොංග්‍රස් මන්ත්‍රීවරයකු සමග ජාතික ආණ්ඩුවක් ගොඩනැඟීමමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පක්ෂ නායක රැස්වීමේ දී බහුතර නායක පිරිසක් එරෙහි වී ඇත. කෙසේ වුවද එම යෝජනාව හෙට දින පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට ආණ්ඩුව තීරණය කර තිබේ.

ජාතික ආණ්ඩු යෝජනාව හෙට දින පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නා අතර ඒ පිිළිබඳ ඡන්ද විමසීමක් තබන පවත්වන බව ද දවස පුරා පාර්ලිමේන්තුවේ රැඳී සිට යෝජනාවට පක්ෂව අනිවාර්යෙන් ඡන්දය ලබා දෙන ලෙස ද දන්වා ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක නිවේදනයක් ද නිකුත් කර ඇත.

පසුගියදා ශ්‍රීලනිප මහ ලේකම් දයාසිරි ජයසේකර සිය පක්ෂය ජාතික ආණ්ඩුවට විරුද්ධ බවත් ශ්‍රීලනිපය සහ එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන් ඊට එරෙහිව ඡන්දය ලබා දිය යුතු බවත් ප්‍රකාශ කළේය. දෙමළ ජාතික සන්ධානය මෙන්ම ජවපෙ ද ඊට එරෙහිව අදහස් දක්වා තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස