ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවෙන්! බැසිල්ගේ ප්‍රකාශය මහින්ද තහවුරු කරයි!

March 12, 2019 at 7:49 am | by admin

ඉදිරි ජනාධිපතිවරණය සඳහා සිය කඳවුරෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා නියත වශයෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයකු බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ තහවුරු කළේය.

විපක්ෂ නායකවරයා මේ අදහස් දැක්වූයේ ඇඹිලිපිටිය නගරයේ ඉදිකළ නව සංචාරක හෝටලයක් විවෘත කිරීමේ උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ ද මිට පෙර ප්‍රකාශ කළේ සිය කඳවුරේ ජනාධිපති අපේක්ෂකයා පොහොට්ටුවේ අයකු බවය. ශ්‍රීලනිප ජාතික සංවිධායක දයාසිරි ජයසේකර ඊළඟ ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන යැයි පවසා පැය 24ක් ඉක්ම යාමට පෙර විපක්ෂ නායකවරයා මෙම ප්‍රකාශය නිකුත් කිරීම විශේෂත්වයකි.

 
 



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස